Local

සීෂෙල්ස් භටයන් හා සෝමාලියානු කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක්

Wednesday, 31 January 2024 - 9:42 am

අපේ ස්කිපර්ට පහරදී තිබුණා / ධීවරයන් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් / එක් දිනක් ප්‍රමාද කළා නම් යාත්‍රාව කොල්ලකනවා – යාත්‍රාවේ හිමිකරු ෆැන්සිස් මිල්රෝයි

මේ සීමාවේ අපේ යාත්‍රා 500ක් විතර තියෙනවා මේ සියල්ල අනාරක්ෂිතයි – සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති

සෝමාලියානු කොල්ලකරුවන් ග්‍රහණයේ තිබුණු ‘ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාව සමඟ එහි සිටි මෙරට ධීවරයන් පිරිස මුදා ගැනීමේ මෙහෙයුමේදී සීෂෙල්ස් වෙරළ ආරක්ෂක බළකායේ නිලධාරීන් සහ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බව මේ වන විට සීෂෙල්ස් වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව සිටින මෙරට ධීවරයන් සඳහන් කරයි.

එහිදී ‘ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාවේ සිටි මෙරට ධීවරයන් පිරිසට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, ඔවුන් එහිදී ආරක්ෂක විධිවිධාන අනුගමනය කර ඇති බව ද සඳහන්ය.

‘ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාවේ හිමිකරු ෆැන්සිස් මිල්රෝයි පෙරේරා මහතා සිය යාත්‍රාවේ සිටින ධීවරයන් පිරිස සමඟ ඊයේ (30) උදෑසන පැයක පමණ කාලයක් පුරා රේඩියෝ පණිවුඩ මඟින් සිදු කළ අදහස් හුවමරුවකදී මේ බව අනාවරණයවී ඇත.

එහිදී අදහස් දැක්වූ ‘ලොරෙන්සෝ පුතා 04’ යාත්‍රාවේ හිමිකරු ෆැන්සිස් මිල්රෝයි පෙරේරා මහතා මෙලෙස පැවැසුවේය.

“යාත්‍රාවේ සිටි ධීවරයන් පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් මට ඇති සතුට කියා නිම කරන්න බෑ. ලොකු සටනක් කරලා තමයි අපේ ධීවරයන් සහ යාත්‍රාව බේරාගෙන තියෙන්නේ. වෙඩි හුවමාරුවක් පවා සිදු වෙලා තියෙනවා. මේ වෙන කොට මගේ යාත්‍රාව සීෂෙල්ස් රටට ආසන්නවයි තිබෙන්නේ. අද (31) උදේ වන විට අපේ ධීවරයන්ට ඒ රටට ගොඩ බසින්න පුළුවන්. මට ස්තූති කරන්න වචන නෑ. මේ වෙලාවෙදි මට සියලු දෙනාම උදව් කළා.

සීෂෙල්ස් රාජ්‍යයෙන් අවශ්‍ය ඉන්ධන, ආහාර සහ අනෙකුත් අවශ්‍යතා ගැනීමෙන් පසු යාත්‍රාව අපේ රට බලා ගමන් ආරම්භ කිරීමට නියමිතයි. අපට දැනගන්නට තියෙන විදිහට මුහුදු මංකොල්ලකරුවන් මේ යාත්‍රාව මංකොල්ලකාලා තියෙන්නේ අප්‍රිකාවට විකුණන්න. එහෙම වුණා නම් අපේ ධීවරයන්ට මොකද වෙන්නේ. මගේ බෝට්ටුව මංකොල්ලකද්දී ඉරාන යාත්‍රාවට අමතරව තවත් ඩිංගි බෝට්ටුවක් තිබිලා තියෙනවා. ඒ බෝට්ටුවේ ඉරාන ජාතිකයන් සහ සෝමාලියානු ජාතිකයන් කිහිප දෙනෙක්ම ඉඳලා තියෙනවා. පස්සේ ඔවුන් මගේ යාත්‍රාවේ තිබූ ආහාර භාගයක්ම ඒ බෝට්ටුවට දීලා තියෙනවා. අපේ ධීවරයන් ඊයේ (30) උදේ පැයක් විතර මාත් එක්ක කතා කළා. ඒ අය හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා. මුල්ම අවස්ථාවේ අපේ ස්කිපර්ට පහර දීමක් කර තියෙනවා. නමුත් පසුව උයාගෙන කන්න දීලා තියෙනවා. තවත් කරුණු තිබෙනවා මාධ්‍යයට අනාවරණය කරන්න බැරි. මේ අවස්ථාවේ මාධ්‍ය අපට විශාල සහායක් දුන්නා.”

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා

“අත්දැකීමක් ලැබුණු පළමු අවස්ථාව මෙය. ධීවර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම එක් දිනක් ප්‍රමාද කළා නම් මේ යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමට හැකි වන්නේ නෑ.

මේ සිදුවීම ආරංචි වූ වහාම මම ධීවර දෙපාර්තමේන්තුව දැනුවත් කළා. විශේෂයෙන්ම ධීවර ඇමැතිවරයා, රාජ්‍ය ඇමැතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරිය සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළා. මේ සියලු දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවත් එක්ක එකතුව අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කළා. මේ සඳහා රටවල් රැසක සහාය ලැබුණා. ඒ සියලු දෙනාට ස්තූතිය පුද කරනවා. ඒ වගේම සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිතුමා සහ ඒ රජයටත් එරට වෙරළාරක්ෂක බළකායටත් මගේ විශේෂ ස්තූතිය පුද කරනවා.”

වෙන්නප්පුව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති නිමල් රංජන් මහතා

“මේ සීමාවේ අපේ යාත්‍රා පන්සියයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ සියල්ල අනාරක්ෂිතයි. මේ නිසා ශ්‍රී ලංකා රජයෙන් සහ ධීවර දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි.”

ලොරෙන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව ධීවරයන් හය දෙනා සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බව ද මෙහිදී ප්‍රකාශ විය.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT