Local

ජනපතිවරණයේ සහාය කාටද? මනෝ,දිගා,රිශාඩ්ගේ තීන්දුව අද

Tuesday, 06 August 2024 - 11:45 am

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව දෙමළ ප්‍රගතිශීලි සංධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.  ඒ අනුව, දෙමළ ප්‍රගතිශීලි සංධානය දහවල් 01ට කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා ඇති අතර, ඊට එම සංධානයේ නායක මනෝ ගනේෂන් මෙන්ම නියෝජ්‍ය නායකවරුන්වන පාර්ලිමේන්තු මන්ත්‍රි පී දිගම්බරන් සහ වී රාධක්‍රිෂ්ණන් එක් වීමට නියමිතයි. මේ අතර, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීත්තර මණ්ඩලය වැල්ලවත්තේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී රැස් වීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් කියා සිටියේ. ඉදිරි ජනධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කළා. එම පක්ෂය මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා පැවති එම පක්ෂයේ උත්තරීත්තර මණ්ඩල රැස්වීමේදීයි. මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. බත්තරමුල්ල, නෙලු‍ම් මාවත පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී අපේක්ෂකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කරන බවයි එම පක්ෂයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT