Local

ජනාධිපති අරමුදලේ අගෝස්තු මස වාරික ශිෂ්‍යත්වලාභින්ගේ ගිණුම් වෙත

Thursday, 01 August 2024 - 1:45 pm

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරේ.

මෙම ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් (SMS) මගින් සියලු ශිෂ්‍යත්වලාභීන්ට දැනුම් දෙනු ලැබේ.

2022/2023 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 17 වැනි වාරිකයද, 2023/2024 අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්ව අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 6000ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 06 වැනි වාරිකය ද අදාළ ගිණුම්වලට බැර කර තිබේ.

එසේම 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන සිසුන් 100,000ක් සඳහා මසකට රුපියල් 3000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 05 වැනි වාරිකය සහ පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන , පිරිවෙන් (සාමාන්‍ය පෙළ)/ අපොස සාමාන්‍ය පෙළ විභාග සමත්ව ප්‍රාචීන විභාග සඳහා හෝ අ.පො.ස උසස් පෙළ සඳහා පෙනී සිටින ගිහි පැවිදි සිසුන් 500ක් සඳහා මසකට රුපියල් 6000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකය ද අද දිනයේ දී ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කරනු ලැබීය.

තවද පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ,01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ ගිහි පැවිදි සිසුන් 3000ක් සඳහා මසකට රුපියල් 3000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්ව වාරික මුදලේ 04 වාරිකයට අදාළ මුදල්ද ශිෂ්‍යත්වලාභීන්ගේ ගිණුම්වලට අද (01) දින බැර කර ඇත.

සිසුන් ලක්ෂයේ ශිෂ්‍යත්ව වැඩසටහනට සහ පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා දැනට මාසික වාරික මුදල් ගෙවනු ලබන ශිෂ්‍යත්වලාභීන්ට අමතරව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා සුදුසුකම් ලැබ ඇති එහෙත් ජනාධිපති අරමුදල වෙත ප්‍රමාදවී ලැබී ඇති අයදුම් පත්‍ර සම්බන්ධව ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරගෙන යන අතර එම සියලුම ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයේ හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව වාරික මුදල් ගෙවීම සිදු කිරීමට නියමිතය.

ඒ අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා දළ වශයෙන් සිසුන් 116,000 කට පමණ රුපියල් මිලියන 5000කට වඩා වැඩි මුදලක් ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු ජනාධිපති අරමුදල විසින් සිදු කෙරේ.

ශිෂ්‍යත්ව ලක්ෂයේ වැඩසටහන සඳහා පාසල් මට්ටමෙන් සිසුන් තෝරා ගෙන ඇති බැවින් අයදුම් පත්‍ර ප්‍රමාද වීම හෝ බැංකු ගිණුම් සම්බන්ධව පවතින ගැටලු මත මෙතෙක් ශිෂ්‍යත්ව ප්‍රදානයන් ලැබී නොමැති එහෙත් සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා ගෙවීම් කිරීම පිළිබඳ කටයුතු 2024 අගෝස්තු මස තුළ සිදුකරනු ලබන අතර ඒ පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවේ පළ කිරීමට නියමිතය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT