Local

කුරුණෑගල වකුගඩු ඒකකයේ මරණවලට රසායනිකයක් බලපෑවාද?

Monday, 26 February 2024 - 9:25 am

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ ඇතැම් රෝගීන්ගේ කිසියම් සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තා වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුව පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවැසීය.

මෙම විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතා පත් කර ඇති අතර රුධිර කාන්දු කරණ අංශය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, වයිරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් , රුධිර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, විමර්ශන කටයුතු සටහන් කර ගැනීමේ නිලධාරියෙක් යනාදීන්ගෙන් මෙම පංච පුද්ගල කමිටුව සමන්විත වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පසුගියදා (24) නිරීක්ෂණ චාරිකාව නිරත විය. විද්වත් කමිටුව මේ වන විටත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ අදා විළශේෂඥ වෛද්‍යවරු සමඟ සාකච්ඡා සිදු කරන බව ද ඒ මහතා කීය. මෙම සිදුවීම පිළිබඳ සම්පූර්ණ සොයා බැලීමක් සිදු කර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස කමිටුවට දැනුම් දී තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුබද්ධිත රුධිර කාන්දුකරණ ඒ්කකයට 135 ක් පමණ රෝගීන් පැමිණෙන බවත් එම රෝගීන්ට අවශ්‍ය වකුගඩු රුධිර කාන්දුකරණ කටයුතු සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් 05 ක් වන කුලියාපිටිය, දඹදෙනිය, පොල්පිතිගම, නිකවැරටිය රෝහල් වෙත යොමු කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වුවද කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමට හේතුව ප්‍රතිකාර සඳහා ලබාදෙන රසායනිකයක බලපෑමක්දැයි යන සැකය මේ වනවිට පහළවී තිබේ. සතියක කාලයක සිට පසුගිය සිකුරාදා දිනය වන තුරු එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස් දෙනකු මරණයට පත්වීම සැලකිල්ලට ගනිමින් එම ඒකකය මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීන් පසුගිය සිකුරාදා (23) පියවර ගෙන තිබුණි. මීට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර නියමිත රෝගීන් කුලියාපිටිය, නාරම්මල, දඹදෙණිය, නිකවැරටිය සහ නිකවැව රෝහල් කරා යොමු කිරීමටද පියවර ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ද අවශ්‍ය කටයුතු සලසා තිබෙන බව ද වාර්තාවේ. රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රියාවලියේ දී සිරුරේ රුධිර පට්ටිකා මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමෙන් පසුව ඇතිවන සංකූලතා තත්ත්වයක් ⁣මත මෙම රෝගී මරණ සියල්ලම සිදුව ඇති බව ද වාර්තා වේ.

මීට පෙර මෙවැනි අසාමාන්‍ය මරණ කිසිවක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් වාර්තාවී නොතිබූ අතර එක් වරම දින කීපයක් ඇතුළත අඛණ්ඩව මෙසේ රෝගීන් පිරිසක් මරණයට පත්වීමට හේතුව පැතිර ගිය යම් විෂබීජයක්ද නැත්නම් ප්‍රතිකාර සඳහා ලබා දෙන රසායනිකයක බලපෑමක්දැයි යන ගැටලු මේවනවිට ඇතිවී තිබේ.

මේ පිළිබඳ කළ විමසීමක දී කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේ සිදුව ඇති රෝගී මරණ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කරගැනීමට හැකිවී නැති බවය. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිකාර ලබමින් සිටි අනෙකුත් රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් රෝහලෙන් ඉවත් කර නිවෙස් කරා යැවීමට පියවර ගත් බව ද වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (26) කුරුණෑගලට පැමිණීමට නියමිත බව ද වාර්තාවේ.


Top Stories
wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

wedivistara

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

wedivistara

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

wedivistara

අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට

wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර

wedivistara

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදෙයි


NEWS ALERT