Local

දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කළ පුරවර සරසවි මිතුරෝ

Thursday, 21 March 2024 - 4:29 pm

බදුල්ල සුන්දර දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සහ ඇල්ල අසල ඇති ප්ලාස්ටික්, වීදුරු බෝතල්, පොළිතින් ඇතුළු පරිසරයට හානිදායක අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ ‘පුරවර සරසවි මිතුරෝ’ කණ්ඩායම විසින් පසුගියදා සිදු කරන ලදි.

පරිසරය පිරිසිදුව තබාගනිමු, සොබාව සෞන්දර්ය රැකගනිමු යන තේමාව පෙරදැරිව සමාජයට පණිවිඩයක්, දරුවන්ට ආදර්ශයක් ලබාදීම මෙම වැඩසටහනෙහි අරමුණ විය.බදුල්ල මහියංගණ මාර්ගයේ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සිට ඇල්ල දක්වා ඇති කිලෝමීටර් ගණනාවක මාර්ගය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට සහ ඇල්ල අසල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පුරවර සරසවි මිතුරෝ කටයුතු කළ අතර ඒ සදහා 120ක කණ්ඩායමක් සහභාගීවූ අතර ඔවුන්ගේ පවුල්වල දරුවන් 52ක්ද ඊට සහභාගීවිය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙන් උපාධිලත් 2001/2002 අධ්‍යයන කණ්ඩායමේ පුරවර සරසවි මිතුරෝ2024 සදහා වූ වාර්ෂික සුහද හමුවට සමගාමීව දුන්හිද ඇල්ල පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. එය මෙවර බදුල්ල දිස්ත්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්විණ.

වාර්ෂික සුහද හමුව පැල්ගහතැන්න ඌව කළමනාකරණ සංවර්ධන ආයතනයේ දින තුනක් පුරා පැවැති අතර බදුල්ල අවට ඇති විශේෂ ස්ථාන නැරඹීමටද මෙවර පහසුකම් සලසා තිබුණි. ඒ අනුව සහභාගීවූ සැමට දැනුම, විනෝදය, ආදර්ශය, සාමූහිකත්වය සහ සතුට ලැබෙන අයුරින් මෙවර පුරවර සරසවි මිතුරෝ සුහද හමුව සංවිධානය කර තිබූ අතර, හමුව අවසානයේ සහභාගීවූ සියලු දරුවන්ට පාසල් පොත්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ ලබාදීමටද කටයුතු සංවිධානය කර තිබුණි.

පුරවර සරසවි මිතුරෝ වාර්ෂික සුහද හමුව මෙවරද කැනඩාවේ ඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාම විහාරවාසී පූජ්‍ය නුගේගලයායේ ජිනානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT