Local

ඉන්දියාව - ලංකාව අතර ශිවගංගී නැව් සේවාව ආරම්භ කරයි

Monday, 12 August 2024 - 9:55 am

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර  ‘’ශිවගංගී’’ මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව අද (11) නිවේදනය කොට තිබෙනවා. ඒ අනූව ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව ක්‍රියාත්මක වනවා. එම නැව් සේවාවට අයත් පර්යේෂණ යාත්‍රාවක් පෙර දිනයේදී කන්කසන්තුරය වරාය නිරීක්ෂණයක් සඳහා පැමිණියා. මීට පෙර ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව ‘’චෙරියපානී’’ නැමති නැව් සමාගම විසින් පවත්වා ගෙන ගියා. ‘’ශිවගංගී’’ නැව් සමාගම විසින් මෙම සේවාව පවත්වා ගෙන යනු ලබන්නේ පළමු වතාවටයි. ඉන්දියාව හා කන්කසන්තුරේ අතර තනි ගමනකට නැව් ගාස්තුව රුපියල් 16,000ක් වන අතර එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 60ක බරක් හා කිලෝ ග්‍රෑම් 5ක අත් බෑගයක් රැගෙන යා හැකියි. මෙම නැව තුළ සාමාන්‍ය පන්තියේ ආසන 133ක් හා විශේෂ පන්තියේ ආසන 27ක් වෙන් කොට තිබෙනවා. නැව් ගමන සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර යාපනයේ විවෘත කොට ඇති කාර්යාලවලින් මෙන්ම අන්තර් ජාලය ඔස්සේද මිල දී ගත හැකියි.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT