Local

පිහි­යෙන් ඇන අයකු මැරූ හිටපු සෙබ­ළාට මරණ දඬු­වමට

Sunday, 31 March 2024 - 8:11 am

පිහි­ය­කින් ඇන පුද්ග­ල­යකු ඝාත­නය කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ලැබ සිටි හිටපු යුද හමුදා සෙබ­ළකු එකී චෝද­නා­වට වර­ද­කරු බවට තීන්දු කල පොලො­න්න­රුව මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත ඔහුට මර­ණීය දණ්ඩ­නය නියම කළේය.

මෙසේ මරණ දඬු­වම නියම වූයේ රත්තොට පොල්වත්ත, රත්න­ව­මලේ පදිං­චි­ක­රු­වකු වන එම්.ජී. අජිත් කුමාර නමැති ශ්‍රී ලංකා යුද හමු­දාවේ 19 වැනි සිංහ රෙජි­මේ­න්තුවේ හිටපු සෙබ­ළ­කු­ටය. මේ විත්ති­කරු සක්‍රිය යුද හමුදා සේවයේ නිර­තව සිටි­යදී නිවාඩු ලබා පැමිණ සිටි අත­ර­වා­රයේ මේ ඝාත­නය කර ඇති බව අධි­ක­රණ නඩු විභා­ග­යේදී අනා­ව­ර­ණය විය.

විත්ති­කාර හිටපු යුද හමුදා සෙබ­ළාට දඬු­වම් නියම කර­මින් පොලො­න්න­රුව මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත විවෘත අධි­ක­ර­ණය අම­ත­මින් කියා සිටියේ විත්ති­ක­රුට එරෙහි පැමි­ණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධා­රණ සැක­යෙන් ඔබ්බට ඔප්පු කිරී­මට පැමි­ණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

ඒ අනුව ජනා­ධි­ප­ති­ව­රයා නියම කරනු ලබන දින­යක හා වේලා­වක සිර ගෙද­රදී විත්ති­ක­රුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා මරන ලෙසට තමා නියෝග කරන බවද මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත දී ඇති නියෝ­ගයේ සඳ­හන්ය.

2013 වසරේ ජන­වාරි මස 28 දින හෝ ඊට ආසන්න දින­යක පොලො­න්න­රුව මහා­ධි­ක­රණ බල ප්‍රදේ­ශ­යට අයත් හිඟු­ර­ක්ගො­ඩදි ගල්අ­මුණ මුල්කි­රි­ගම, අංක 442, ලිපි­නයේ පදිං­චිව සිටි කේ.එච්. අමිල සම­ර­කෝන් යන අයට පිහි­ය­කින් ඇන, බර­ප­තළ තුවාල සිදු කර ඔහු ඝාත­නය කළ බවට මේ විත්ති­ක­රුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින්, ලංකා දණ්ඩ නීති සංග්‍ර­හයේ 296 වන වග­න්තිය ප්‍රකා­රව පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ගොනු කොට තිබිණි.

මේ නඩුවේ ලඝු නොවන මූලික විභා­ගය හිඟු­ර­ක්ගොඩ මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ පැවැති අතර, නීති­ප­ති­ව­රයා විසින් විත්ති­ක­රුට අධි චෝදනා ගොනු කිරී­මෙන් අන­තු­රුව වැඩි­දුර විභා­ගය සඳහා පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණ­යට යොමු කර තිබිණි. පැමි­ණිල්ල වෙනු­වෙන් රජයේ අධි­නී­තිඥ මුස­ර්ලයි මහතා සහ විත්ති­කරු වෙනු­වෙන් නීතිඥ චන්දික තිල­ක­රත්න පෙනී සිටි­යහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT