Local

යාපනයේ හැර වෙනත් ඕනෑම අධිකරණයකදී සාක්ෂි දෙන්න සූදානම් - ගෝඨාභය දැනුම්දෙයි

Wednesday, 23 October 2024 - 3:16 pm

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ  සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන්වූවන්ගේ ඥතීන් විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා  ඒ බව දැනුම් දුන්නේය.

මෙම පෙත්සම ඊයේ (22) ප්‍රීති පද්මන් සූරසේන,  ශිරාන් ගුණරත්න,  සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී  ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවයි.

එහෙත් යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීම සඳහා ඔහු කැමැත්තෙන් පසුවන බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කර සිටියේය.

ඊට පෙත්සම්කාර පාර්ශ්වය විරෝධය පළ නොකළ බව වාර්තා විය.

ඒ අනුව වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා මෙම පෙත්සම ලබන මාර්තු 18 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.

2011 වසරේ දෙසැම්බර් 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ හබයාස් කොපුස් පෙත්සමකට අදාළව සාක්ෂිදීම සඳහා එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වනදා  පෙනී සිටින දන්වා එම අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණි.

තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් එබැවින් අදාළ සිතාසි බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 වසරේ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු සාක්ෂියට කැදවිය නොහැකි බවට  නියෝගයක් නිකුත් කර තිබුණේය.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසත්  ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම  
පෙත්සම ඉදිරිපත් කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT