Local

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

Tuesday, 03 June 2025 - 10:01 am

දකුණු පළාතේ සිදුවූ අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට අවශ්‍යව සිටින සැකකරුවන් දෙදෙනෙකුගේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූප දෙකක් පොලිස් මූලස්ථානය ඊයේ (02) මාධ්‍යයට නිකුත් කළේය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මෙසේ AI තාක්ෂණයෙන් නිර්මාණය කළ සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

යම් අපරාධයකට සම්බන්ධ අපරාධකරු පැහැදිලිවම නම් ගම් සහිතව හඳුනා ගැනීමක් සිදු නොවන අවස්ථාවකදී අපරාධකරුගේ රූපය ඇසින් දුටු පුද්ගලයන් ලබාදෙන රූප විස්තරය අනුව කොළඹ 07 ටොරින්ටන්හි පිහිටි අපරාධ ලේඛනාගාරයේ සේවයේ නිරත පොලිස් චිත්‍ර ශිල්පීන් අනුමාන රූපයක් නිර්මාණය කරනු ලබති. එසේ නිර්මාණය කරන රූපයට AI තාක්ෂණය යොදා ගැනීමක් මේ වන විට සිදුව ඇති බව අපරාධ ලේඛනාගාරයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා දිනමිණ කළ විමසුමකදී සඳහන් කළේය. AI තාක්ෂණයෙන් අපරාධකරුවන්ගේ රූපය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ භාවිත වන මෘදුකාංගය මෙරටට ගැළපෙන ආකාරයට සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇති බවත් ඉදිරියේදී මෙම තාක්ෂණය ශ්‍රී ලංකා පොලීසියේ වෙනසක් සිදු කරනු ඇති බවත් ඔහු අපේක්ෂා කළේය.

AI තාක්ෂණයෙන් නිර්මාණය කළ මෙම ඡායාරූපයේ දැක්වෙන සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට 071 – 8592867 දුරකතන අංකයෙන් හෝ එම ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ 074 – 1357642 දුරකතන අංකයට තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගයාන් කුමාර වීරසිංහ

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT