Local

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ක්‍රියාත්මක ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සාර්ථකයි

Thursday, 04 January 2024 - 4:43 pm

  • දායකවූවන්ට ජනපතිගෙන් පැසසුම්.

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) පැවැත්විණි.

ජනාධිපති කාර්යාලයේ උපදෙස් හා මග පෙන්වීම යටතේ, පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේද සහාය ඇතිව බස්නාහිර හා මධ්‍යම යන පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන ලද විවිධ ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් සැළකිය යුතු අන්දමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය වී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දිස්ත්‍රික්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක ඩෙංගු ව්‍යාප්තිය පවතින අතර රාජ්‍ය ආයතන, පාසැල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති බවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රටේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා ප්‍රයත්නය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක්විය.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමටත් ඊට සුදුසු නිලධාරීන් පත් කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා වැඩබලන පොලිස්තිවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් අද (04) දිනයේදී පැවැත්වීමටත් මෙහිදී තීරණය කෙරිණි.

එමඟින් දීප ව්‍යාප්තව ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩසටහන් හා ඒවායේ දෛනික ප්‍රගතිය මෙන්ම, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව වාර්තා කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඉදිරිපත් කිරීමට ද තීරණය විය.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් මෙන්ම කොළඹ මහ නගර සභාව, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීහු Zoom තාක්ෂණය ඔස්සේ මීට එක්ව සිටියහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT