Local

අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන පිල්ලෙයාන්ව මුදාගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා තමයි ගම්මන්පිල - ටිල්වින් සිල්වා

Thursday, 17 April 2025 - 7:10 pm

පැරදුනු පිරිස විසින් ජනතාව නොමග යැවීමට බොරු ප්‍රකාශ කරමින්, ආණ්ඩුව යන ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

එම බාධක මැඩගෙන ඉදිරියට යාමට නම්, ජාතික ජන බලවේගයට ජනවරම ඇති බවට නැවත නැවත ඔප්පු කළ යුතු බවයි ජන හමුවක් අමතමින් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර සිටියේ.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන විට, රනිල් වික්‍රමසිංහ කලබලයට පත්වී ඇති බවද, පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නීතීඥයෙක් ලෙස පිල්ලෙයාන් හමුවී, ඔහුට උදව් කිරීමට උත්සාහ කරන බවද ඔහු ප්‍රකාශ කළා.

අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන පිල්ලෙයාන් මුදා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස උදය ගම්මන්පිල කටයුතු කරන බවයි ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT