Local

ඉන්දීය මහ කොමසාරිස් දකුණු පළාතේ සංචාරයක

Monday, 11 March 2024 - 3:14 pm

දකුණු පළාත් සංචාරයක නිරත වූ ප්‍රථම ඉන්දීය මහ කොමසාරිස්වරයා බවට පත් වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික‍්වල සංචාරයක නිරත වීය.

මහ කොමසාරිස්වරයා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ හමු වූ අතර එහිදී පළාත තුළ ඉන්දීය රජය විසින් ක්‍රියාවට නංවා ඇති විවිධ ව්‍යාපෘති පිළිබඳ සඳහන් කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ප්‍රදාන මෙන්ම ආයෝජන මඟින් පළාතේ ජනතාවගේ යහපත සඳහා තවත් ව්‍යාපෘති සිදු කිරීමට කැමැත්තද මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙන අතර, ආණ්ඩුකාරවරයා ඉන්දීය රජය විසින් ක්‍රියාවට නංවා ඇති විවිධ මුලපිරීම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයාට සිය ස්තුතිය පළ කළේය. ඉන්දීය රජය ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ගම්මාන 50ක් පමණ ආවරණය කරමින් නිවාස ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නංවා ඇති අතර මේ ව්‍යාපෘති දෙක යටතේ ඉන්දීය රජය නිවාස හා ඉඩම් නැති, අඩු ආදායම්ලාභී ජනතාව සඳහා නිවාස 1,200ක් ඉදි කිරීමට කැප වී තිබේ. මහ කොමසාරිස්වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 2ක සංචාරයක නිරත වෙමින් මෙම නිවාස ව්‍යාපෘති වැඩබිම් දෙකක ප්‍රගතිය නිරීක්ෂණය කළේය.

මහ කොමසාරිස්වරයා රුහුණු විශ්වවිද්‍යාලයේ ගුරුදේව් රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ ස්ථාපිත රබීන්ද්‍රනාත් තාගොර්තුමාගේ උඩුකය පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අතර 1,500ක පිරිසකට අසුන් ගත හැකි මේ ශ්‍රවණාගාරය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක ඇති විශාලතම ශ්‍රවණාගාරයයි. ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ ඉදි කළ මෙය 2018 වසරේදී විවෘත කෙරිණි. විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ පීඨාධිපතිවරුන් සමඟ පැවති හමුවකදී මහ කොමසාරිස්වරයා වඩා සමීප අධ්‍යාපනික සහයෝගිතාවන් සඳහා උනන්දුව ප්‍රකාශ කළ අතර, විවිධ අයුරින් විශ්වවිද්‍යාලයට තවදුරටත් සහාය දීමට කැමැත්ත පළ කළේය.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT