Local

මහේස්ත්‍රාත්ගේ අත්සන හොරට ගැසු අධිකරණ සේවකයා 'විත්තිකරුව සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරලා'

Monday, 15 July 2024 - 7:33 am

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සදහන් කරමින්, මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සදහන් කර නඩු වාර්තාවක් ලබා දී , රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයෙකු අද(14 ) මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයා කළක් වැළිසර අධිකරණයේ කාර්යාල කාර්‍ය සහායකවරයෙකු ලෙස සේවය කර ඇති බව සඳහන්.

සැකකරු එලෙස සේවය කරමින් සිටියදී ද මෙවැනි වැරදි වංචා සිදු කර රැකියාව අහිමි වී සිරගතව සිට තිබෙනවා.

අදාළ සැකකරු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පවරා තිබූ නඩුවකට අදාළව පනවා තිබූ ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීම සදහා, මෙම කූඨ ලෙස සකස් කළ නඩු වාර්තාව ලබා දී මෙම මුදල වංචනිකව ලබා ගෙන තිබුණා.

තමන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ තෝල්ක මුදියන්සේ ලෙස හදුන්වාදෙමින් සැකකරු විසින් මෙම වංචා සහගත ක්‍රියාව සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT