සුරාබදු නීති සහ බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේදී ඇතැම් පාර්ශ්වයන්ට පැනනැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි වහාම දැනුවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍යයට ඊයේ (15) පැවැසීය.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් ගැටලු ඉදිරිපත් වී තිබෙන බව ද හෙතෙම කීවේය. සුරාබදු බලපත්‍ර නීති රීති සහ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බවත් ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීම, ස්ථානය සම්බන්ධ නිර්ණායක ඇතුළත් සුරාබදු නිවේදන අංක 902 සංශෝධනය කර තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය. මීට අමතරව සුරාබදු බලපත්‍ර ගාස්තු, වාර්ෂික ගාස්තු සහ ඇප ගාස්තු ද සංශෝධනය කර ඇති බව හෙතෙම කීවේය.