Local

තවත් online ණය ජාවාරමක් පොලිස් දැලේ

Monday, 15 January 2024 - 9:22 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු ට අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව එම ආයතනය සතුව තිබූ desktop පරිගණක  අටක් laptop වර්ගයේ පරිගණක දහතුනක් ජංගම දුරකථන හතළිස් නමයක් අත්අඩංගුවට ගෙන ඇත.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීමේදී මෙම ජාවාරම හෙළි කරගෙන තිබෙයි

මෙහිදී  මාර්ගගත ණය ලබා ගැනීමේදී ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයෙහි ඇති පෞද්ගලික තොරතුරු මත එම පුද්ගලයාට තර්ජනය කරමින් නැවත මෙම මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ  පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පවත්වනු ලබන අතර මේ සම්බන්ධව පැමිණිලි තිබේ නම් ළඟම ඇති පොලිසි ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාශයට ලබා දෙන ලෙස මහජනතාවට දැනුවත් කරයි


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT