Local

ජනපති අධිකරණයට බලපෑම් කරන්නේ ධුර කාලය දීර්ඝ කරන නීති කෙටුම්පතක් ගෙන ඒමට විය හැකියි - සුමන්තිරන්

Thursday, 20 June 2024 - 8:01 pm

පාර්ලිමේන්තුවට පැමිණ අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් අභියෝගාත්මක ප්‍රකාශයක් කිරීම හරහා ජනාධිපතිවරයා ගෙන යාමට උත්සාහ කරන නව ප්‍රවනතාව ඉතා බැරෑරුම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා.

ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තු ධූර කාලය වසර 5 සිට 6 දක්වා වැඩි කිරීමට නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ සූදානමක් තිබීම ඊට හේතු විය හැකි බවයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (අ) වගන්තිය 19 වන ආණ්ක්‍රම ව්‍යවස්ථාවේදී සංශෝධනය කිරීමට නොහැකි වූයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හා ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවීම නිසා බවද ඔහු සඳහන් කළා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධූර කාලය දරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසර 5 ක ධූර කාලය සම්පූර්ණ වනතෙක් පමණක් බවද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට තුනෙන් දෙකක බලයක් හා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත්, නමුත් ජනාධිපතිවරයා සිදු කිරීමට සූදානම් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අනුමත නොකර තුනෙන් දෙකක බලයකින් පමණක් ධූර කාලය වැඩි කරන නීති කෙටුම්පත සම්මත කර ගැනීමට බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ සඳහා මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම සිදුවන බවත්, වත්මන් පාර්ලිමේන්තුවේ මෙම ප්‍රවනතාව ඉතාමත් භයානක තත්ත්වයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT