Local

ගෑස් රුපියල් අටදාහට යනු ඇති බව ජනපති කියයි…

Sunday, 01 September 2024 - 12:16 pm

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව බදු ප්‍රතිපත්තිය වෙනස් කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාවේ ණය හිමි රටවල් සහ ආයතන අතර වන ගිවිසුම උල්ලංඝනය වන බව ජනාධිපති රනිල් වික‍්‍රසසිංහ මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් එම ගිවිසුම කඩා වැටී රට නැවතත් 2022 තිබූ තත්ත්වයට පත්වනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව 2022 වසරට පැවතියාටත් වඩා ඉහළ මිලකට භාණ්ඩ මිල ඉහළ යනු ඇති බවත් ගෑස් සිලින්ඩරයක් රුපියල් අටදහසක දක්වා වුවද මිලකට ඉහළ යා හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ ජනාධිපතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජනරැළියක් බණ්ඩාරෙවල නගරයේදී අමතමිනි.

‘මා රට බාරගත් යුගයට වඩා අද වන විට බඩු මිල සැලකිය යුතු ගණනකින් අඩු වී තිබෙනවා.

අපි ගත් පියවර නිසා ජීවන බර පාලනය කර ආදායම වැඩි කරන්නට හැකි වී තිබෙනවා. එමෙන්ම අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම සහනය ලබා දුන්නා. අප මාස හයෙන් හයට අලුතින් අස්වැසුම ලබා දෙනවා.

සැප්තැම්බර් 22 වැනිදා සිට මගේ සැලසුම ක්‍රියාත්මක කරනවා.

අද වන විට 2022 ට වඩා ජීවන බර අඩු වුණත් එයින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. තවදුරටත් ජීවන වියදම මෙන්ම බඩු මිල අඩු කළ යුතුයි.

හැකි තරම් සහන දීම මගේ අරමුණයි. බඩු මිල අඩු කරන බව අනෙක් පක්ෂත් කියා තියනවා. මම එය කරන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන්.

එදා මා රට බාර ගන්නා විට ඩොලරයට 370 ක් ගෙව්වා .අද වන විට ඩොලරයට ගෙවිය යුත්තේ රුපියල් 300ක් පමණයි . සමෘද්ධිය අස්වැසුමට සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා.ඒ නිසා සමෘද්ධි නිලධාරීන්ටත් ප්‍රශ්නයක් නැතුව මේ වැඩ කටයුත්තේ ඉදිරියට යන්න පුළුවන්. ඔවුන්ගේ අනාගතය අප ආරක්ෂිත කරනවා.

රුපියල ශක්තිමත් කරන්න නම් ආර්ථිකය ශක්තිමත් කර යුතුයි.

අනුර සජිත් බදු අඩු කරන බව කියනවා.බදු අඩුකර සහන දෙන්නේ කොහොමද? යම්කිසි ඉලක්කයකට මේ රටේ ආදායම් එකතු කළ යුතුව තිබෙනවා.

වතුකරයේ ජනතාවට පඩි වැඩි කිරීමට අපට හැකි වුණා. ඔවුන් සඳහා අප අස්වැසුමද අප ලබා ලබා දෙනවා. වෙන එක අපේක්ෂකයක්වත් රැකියා දෙන හැටි කියා නැහැ. අප රැකියා ලක්ෂයක් උත්පාදනය කරන්නට කටයුතු කරනවා.රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ද ස්වයං රැකියා අවස්ථාද අප බිහිකරනවා.නවීන කෘෂිකර්මය සඳහා අප පහසුකම් ලබා දෙනවා’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT