Local

“ගාසා හි ළමා අරමුදලට” ලැබුණු තවත් මුදලක් ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට

Friday, 09 August 2024 - 8:55 am

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීම සිදු කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දීයි.

ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා යන මහත්ම මහත්මින් වෙත ජනාධිපතිවරයා විසින් භාර දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත කරන ලද යෝජනාවක් අනුව 2024 මාර්තු මස 04 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගාසා තීරයෙහි පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමුන්ගේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මූල්‍යාධාර ලබා දීම පිණිස ශ්‍රී ලංකා රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන පසුගිය ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදන ද මෙම අරමුදල වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අරමුදල වෙත ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල පළමු අදියර යටතේ 2024-04-01 දින පලස්තීන රජය වෙත පරිත්‍යාග කිරීමද සිදු කෙරුණා.

එමෙන්ම ජනාධිපතිවරයා කළ ඉල්ලීම අනුව ව්‍යාපාරික ආයතන, විවිධ සංවිධාන හා පොදු මහජනතාව විශාල වශයෙන් එම අරමුදල සමඟ අත්වැල් බැඳගත් අතර ඒ අනුව 2024 ජූලි 31 දින දක්වා අරමුදල වෙත ලැබුණු අමෙරිකානු ඩොලර් පන්ලක්ෂ අනුදහසක මුදල ද මෙලෙස පලස්තීන රජය වෙත භාර දීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අරමුදල සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි 31 දිනෙන් අවසන් කෙරුණු අතර ඒ සමඟ මානුෂිකත්වයෙන් අත්වැල් බැඳ ගත් සියලු ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පිරිනමා තිබෙනවා.


Top Stories
wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT