Local

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

Friday, 10 May 2024 - 7:52 am

මේ දිනවල WhatsApp Group යොදාගනිමින් සිදුකරනා මුදල් වංචා වලින් ප්‍රවේශම් වන ලෙස FINCSIRT සහ LankaPay ආයතන මහජනතාව දැනුවත් කරනවා.

මෙවැනි වංචාවලදී ඔබව නොදන්නා අංකයකින් ව්‍යාජ නම්වලින් ඇති WhatsApp Group වලට එක්කර, සම්පූර්ණ කිරීම සඳහා යම් යම් කාර්යයන් ලබා දෙන බවද, එම කාර්යයන් සම්පූර්ණ කළ පසු ඒ සඳහා සුළු ගෙවීමක්ද ලබා දෙන අතර, එලෙස ඔබේ විශ්වාසය දිනාගත් පසු ඔබව Telegram වෙත යොමුකර නොයෙකුත් කූඨ උපක්‍රම හරහා ඔවුන්ගේ ගිණුමකට විශාල මුදලක් තැ​ම්පත් කිරීම සඳහා ඔබව රවටා පොළඹවාගන්නා බවයි ඔවුන් දැනුවත් කරන්නේ.

WhatsApp යෙදුමෙහි Settings > Privacy > Groups වෙත ගොස් My Contacts තේරීමෙන්, නොදන්නා අයට ඔබව WhatsApp Group වලට එක් කිරීමට නොහැකි වන පරිදි සකසා ගැනීමෙන් මෙවැනි වංචාවලින් වැළකී සිටිය හැකි බවද ඔවුන් දැනුවත් කරනවා.

news images


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT