Local

නිදහස ලැබුණු ධීවරයන් නැවතත් මව්රටට යැවෙයි

Sunday, 28 January 2024 - 10:58 am

යාපනය ඌර්කාවතුරේ අධිකරණයෙන් නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ආපසු ඉන්දියාව බලා පිටත් කොට යැවීම  නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ ඊයේ ( 27)  සිදු වුණි.

මෙම ඉන්දීය ධීවරයින් 12 දෙනා පසුගිය ජනවාරි 8 වෙනිදා නාවික හමුදාව විසින් යාපනය මුහුදු සීමාවේදී අත් අඩංගුවට ගෙන තිබුණේ අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ චෝදනාව මතය.

ඔවුන් පැමිණි යාත්‍රා දෙකක්ද නාවික හමුදා බාරයට ගැණුනු අතර  එම යාත්‍රා නාවික හමුදාව බාරයේ තබා ඇත.

ධීවරයින් 12 දෙනා යාපනයේ ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දීමෙන් පසුව ඔවුන්ව යාපනයේ ඌර්කාවතුරේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කෙරුණි.

දෙවන වර ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් 12 දෙනාට මාස 18 ක අත් හිටවූ හිර දඩුවමක් වසර පහක කාලයකට පනවන ලද ඌර්කාවතුරේ විනිසුරු ජේ. ගජනිතිබාලන් මහතා එම ධීවරයින්ව ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගන්නා ලෙස ධීවර පරීක්ෂක නිලධාරීන්ට නියෝග කොට තිබුණි.

ඒ අනුව නාවික හමුදාව, යාපනය  සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය හා යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව එම ධීවරයින් 12 දෙනාව ඉන්දියාව බලා පිටත් කොට යැවූහ.

පසුගිය සතියේදී මෙවැනිම ඉන්දීය ධීවරයින් 42 ක් කිසිදු දඩුවමක්  ලබා නොදී ආපසු ඉන්දියාව බලා පිත්කොට යවන ලද අතර ඊට උතුරේ ධීවර සංගම් වල විරෝධයද පල වී ඇත.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT