ලොව පුරා සිටින හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබෙනවා.
එය ආලෝකයේ උත්සවයක් ලෙස සැලකෙන අතර හින්දු, ජෛන සහ සීක් විසින් සමරනු ලබන ප්‍රධාන උත්සවවලින් එකක් බව සඳහන්.
ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී උත්සවය වර්ණවත් සියුම් කුඩු හෝ වැලි භාවිතයෙන් සාදන ලද සැරසිල්ලක් මෙහිදී සකස් කරනු ලබනවා.
එමෙන්ම අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් සිය නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදුකරනු ලබන බව සඳහන්.