Local

ලොකු පැටී ඇල්ලුවත් කංජිපානි ඉම්රාන් හා රොටුඹ අමිල පැන ගිහින්..

Thursday, 01 August 2024 - 10:35 pm

ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් මෙන්ම පාතාල අපරාධ රැසකට සම්බන්ධිත හා නඩු පවතින අතර රටින් පළාගිය පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි අගොස්තු 01 වනදා ජාත්‍යන්තර මාධ්‍ය උපුටමින් පොලිසිය වාර්තා කර තිබූ අතර පසුව දන්වා තිබුනේ රොටුඹ අමිල නමැති පාතාල නායකයාද අල්ලා ගත් බවයි.
නමුත් දැන් වාර්තාවන්නේ ඊට වෙනස් කතාවකි.
කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් හිදී සහ ලොකු පැටී නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියන මුල් වාර්තාවල කියැවුණත් පසුව ආ වාර්තාවලින් පවසන්නේ කංජිපානි ඉම්රාන්, ලොකු පැටී සහ රොටුඹ අමිල තිදෙනාම බෙලරුස් හරහා රුසියාවට ගමන් කිරීමේදී අත්අඩංගුවට පත්වූ නමුත් ලොකු පැටී පමණක් ඉතිරිකර අනෙක් දෙන්නා පලාගිය බව හා ඔවුන් සමග සිටි අය නිදහස් කළ බවයි.
ප්‍රංශයේ සැගව සිටි බව කියන මේ තිදෙනා තවත් සහායකයින් තිදෙනෙකු සමග බෙලරූස් රාජ්‍යයට පලායාමට උත්සාහ කර ඇති අතර ප්‍රංශ දේශසීමාවේදී අත්අඩංගුවට ගන්නට හදද්දී පළාගොස් තිබුණ බව වාර්තාවේ.
නමුත් පසුව බෙලරුස් සිට ඔවුන් රුසියාවට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා විය.
මෙම අත්අඩංගුවට ගැනීම ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් සිද්ධවූ දෙයක් නොවන අතර දේශසීමා උල්ලංඝනය හා වීසා වලට අදාළ ප්‍රශ්න මත සිද්ධවූවක් බවද තොරතුරු වාර්තාවේ.
කංජිපානි ඉම්රාන් , ලොකු පැටී සහ රොටුඹ අමිල ඇතුලු අපරාධකල්ලි සාමාජිකයන් 6 දෙනා මෙලෙස අල්ලාගන්නට හැකිවුණත් කංජිපානි සහ රොටුඹ අමිල එතැනින් පැන ගිය බවත් ඉතිරිවූ අය අතරින්
ලොකු පැටී රඳවාගෙන අනෙක් සියලු දෙනා පසුව මුදා හැර ඇති බවත් පොලිසිය වාර්තා කර තිබේ.
අල්ලාගත් ලොකු පැටී සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකරන්නේ කෙසේද යන්න තවම වාර්තා නොවේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT