Local

ලක්‍ෂ 20ක් වැඩි ඡන්දයෙන් මා ජනාධිපති වෙනවා.. මෙරට පලමු ස්වෙච්ඡ ජනාධිපති මමයි…

Wednesday, 18 September 2024 - 9:11 am

ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද ලක්ෂ විස්සට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන තමන් ස්ථිරවම මෙරට ජනාධිපතිවරයා බවට පත්වන බව සමගි ජන බලවේග ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ජයග්‍රහණය කළ පසු තමන් ජනතාවාදීව යුතුකම් සහ වගකීම් ඉටු කරමින් මෙරට පළමු ස්වේච්ඡා ජනාධිපතිවරයා බවට පත්වන බවත් ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

අපි අනිවාර්යයෙන්ම වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයග්‍රහණය කරනවා, ඒක ස්ථිරයි. මම සහතික වෙනවා ඒ ජයග්‍රහණයට. විශෙෂයෙන්ම මම කියන්න කැමතියි අපේ රටේ ලේ පිපාසිත ම්ලේච්ඡත්වය, තර්ජනය, ගර්ජනය, ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන කණ්ඩායම්වලට ඔබ බය වෙන්න එපා බිය සැක සංකා ඇති කරගන්නේ නැතිව ඡන්දපොළට ගිහිල්ලා ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න.

අපට පක්ෂව දෙන අයට විපක්ෂව දෙන අයට දෙගොල්ලොන්ටම පණිවිඩයක් දෙන්න කැමතියි. ඔබ සියලු දෙනාම අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරනවා. නීතිය හා සාමය අකුරටම ශක්තිමත්ව ක්‍රියාත්මක කරවනවා. මොනම ආකාරයකින්වත් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරවන්නට අපි ඉඩදෙන්නේ නෑ.

මම ඔබට පොරොන්දු වෙනවා ජනාධිපති හැටියට මම ඔබව හමුවෙන විට කිසිම වෙනසක් සිදුවන්නේ නෑ. වඩාත් නිහතමානීව වඩාත් ජනතාවාදීව වඩාත් පොදුජන කේන්ද්‍රීයව මම විතරක් නෙවෙයි මමත් මගේ කණ්ඩායමත් ඒ යුතුකම වගකීම අකුරටම ඉෂ්ට සිද්ධ කරන්නට සැදී පැහැදී සිටිනවා.

මම විශ්වාස කරනවා මේ රටේ සුවහසක් ජනතාව මේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා හැටියට මාව පත්කරයි කියලා. ඒ ජනතාවට මම කියන්න කැමතියි ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වේච්ඡාවෙන් වැඩකරන ජනාධිපතිවරයා බවට මම පත්වෙනවා.”


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT