කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් ජනතාවට වගා කිරීමට ලබාදීමට රජය ගෙන තිබූ තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.
කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයාගේ දැනුම් දීම මත එම ඉඩම් බෙදා දීමේ කටයුතු මේ වන විට අත්හිටුවා ඇති බවයි.
එම ඉඩම් අක්කර 11000ක් ජනතාවට තාවකාලිකව භෝග වගාවට ලබාදීමට ජනාධිපතිවරයා විසින් පසුගියදා ගත් තීරණයකට අනුව කන්තලේ ඉඩම් කාර්යාලය විසින් ඊට අදාළ අයදුම් පත්ර ගොවීන් වෙත ලබා දෙමින් තිබින.
නමුත් වහාම එම කටයුත්ත නතර කරන්නැයි මැතිවරණ කොමිසම විසින් දැනුම් දී තිබේ.