මෙතෙක් අනෙක් සියලු පාර්ශ්වයන් කළ වැඩ විවේචනය කළ අනුර දිසානායක මහතා දැන් වැඩ පෙන්නන ආකාරය දෙස ඉතා අවධානයෙන් බලා සිටි බව විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
කවුරුන් කෙසේ පත් වුවද ජන මතයට හිස නමද බවත් පැවසූ ඔහු මැතිවරණයෙන් පසු ප්රචණ්ඩත්වයෙන් තොර සාමකාමී වාතාවරණයක් බලාපොරොත්තු වන බවද කියා සිටියේය.
අනුර දිසානායක මහතා ජනතාවගේ ජීවන බර අඩු කිරීමට ගන්නාවූ ක්රියාමාර්ගවලට උපරිම සහාය ලබාදෙන බවත් හෙතෙම පැවසුවේය.