Local

ආනයනික සහල්ද පාලන මිලට දෙන්න බෑ.. කිලෝව 220 පනීලු..

Friday, 06 December 2024 - 10:49 pm

සහල් ආනයනය කිරීමේදී කිලෝවකට රුපියල් 65 ක බද්දක් අය කිරීම සහ සහල් ආනයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබීම නිසා ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් රැසක් සහල් ආනයනය නොකිරීමට තීරණය කර ඇතැයි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සහල් කිලෝවක් ආනයනය කිරීමේදී රුපියල් 65 ක බද්දක් අය කිරීම නිසා මෙරටට නාඩු සහල් කිලෝවක් ආනයනය කිරීමට රුපියල් 210 ක පමණ මුදලක් වැයවන බවත්, මේ නිසා ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220 කට අලෙවි කිරීම නොහැකි බවත් ආනයනකරුවෝ කියා සිටිති.

එමෙන්ම, සහල් ආනයනය සඳහා රජය අවසරය ලබාදී ඇත්තේ මෙමස 20 වැනිදා දක්වා පමණක් බැවින් එම කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඔවහු පවසති. සහල් තොග ඉන්දියාවේ වරායෙන් නැව්වලට පැටවීමේදී මෙමස 10 වැනිදා හෝ ඊට දින කීපයක් පසුවන බවත්, එවැනි තත්ත්වයක් මත කිසිසේත්ම 20 වැනිදා වන විටදී සහල් ආනයනය කිරීමට නොහැකි බවත් ඔවුහු පවසති.

මෙම ගැටලු නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය කිරීමට අකැමැත්තෙන් පසුවන බවට තොරතුරු වාර්තා වේ. මේ නිසා ඉදිරියේදී සහල් හිඟය උග්‍රවීමේ අවදානමක් සහ සහල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

මේ අතර වී මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර රතු කැකුළු වී කිලෝවක මිල රුපියල් 170 ක් දක්වා ඊයේ (05 වැනිදා) දිනයේදී ඉහළ ගොස් තිබිණි.

රට පුරා නාඩු සහල් හිඟයක් පැවැතියත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නාඩු සහල් කිලෝවක් රුපියල් 250 ත් 255 ත් අතර මිලකට අලෙවි කෙරෙන අතර, එක් අයෙකු මිලදී ගතයුතු අවම සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 25 කි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 220ක පාලන මිලක් පනවා තිබුණද, පාලන මිලට වඩා රුපියල් 30 ත් 35 ත් අතර වැඩි මිලකට මෙම වෙළෙඳසල්වල නාඩු සහල් අලෙවි කෙරේ. එහි වෙළෙඳුන් කියා සිටින්නේ සහල් තොග වෙළෙඳුන් පාලන මිල ඉක්මවා සහල් තොග තමන්ට අලෙවි කිරීම නිසා මෙලෙස වැඩි මිලට පාරිභෝගිකයන්ට විකිණීමට සිදුවී තිබෙන බවය.

ලංකා සතොස ශාඛා ජාලයේදී සහල් අලෙවිය සීමා කර ඇති අතර පකිස්ථානයෙන් ආනයනය කරන ලද සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 210 ක මිලට අලෙවි කෙරේ. එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරන සහල් ප්‍රමාණය ශාඛාවෙන් ශාඛාවට සීමා කර ඇත. බොරැල්ල ශාඛාවෙන් එක් පාරිභෝගිකයෙකුට සහල් කිලෝ පහක් නිකුත් කරනු ලැබූවත් කොළොන්නාව ඇතුළු ශාඛා කීපයකම එක් පාරිභෝගිකයකුට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් නිකුත් කෙරුණි.

ලංකා සතොස ශාඛාවල නාඩු සහල් අලෙවි කිරීමට නොමැති බව එහි සේවකයෝ කියා සිටිති.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT