Business

මෙරට නිල විදේශ සංචිතවල වෙනසක්

Wednesday, 07 August 2024 - 10:23 pm

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජුලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව ඒ බව දැක්වෙයි. 

ඒ අනුව 2024 ජුනි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජුලි මාසයේදී ඩොලර් මිලියන 5,649 ක් දක්වා 0.1% කින් අඩු වී ඇත.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජුලි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,574 ක් ලෙසින් සටහන් වේ. 

මෙය 2024 ජුනි මාසයේදී වාර්තා වී ඇති ඩොලර් මිලියන 5,605 ට වඩා 0.6% ක අඩුවීමකි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය ජුලි මාසය තුළදී ඩොලර් මිලියන 35 සිට ඩොලර් මිලියන 37 ක් දක්වා 5.2%කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේදී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT