Local

සියලු දෙනා එක්ව ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරගත යුතුයි - සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු

Friday, 17 November 2023 - 5:35 pm

සියලු දෙනා එක්ව ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කරගත යුතු බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හරින් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් නොකළහොත් ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වෙන අවුරුදු 19 න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලිය මෙරටට අහිමි වි හැකි බවත් එමගින් මෙරටට පැමිණීමට නියමිත සංචාරකයින් 800ක් පමණ මෙරටට නොපැමිණෙනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මමත් ක්‍රීඩා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා. අද ක්‍රිකට් එකත් පාර්ලිමේන්තුවේ දේශපාලනයට කටයුතු කරනවා. අද ක්‍රිකට් ආයතනයේ තණකොළ කපන මිනිහටවත් පඩියක් ගන්න විදියක් නැහැ.

අද මෙය ඩිප්ලොමැටික් ප්‍රශ්නයක් දක්වා දුර ගිහින්. ක්‍රිකට් අර්බුදයට එහා ගිහින් ජාත්‍යන්තර සහ දේශපාලන අර්බුදයක් දක්වා ගිහින්. මම පිළීගන්නවා.ක්‍රිකට් බෝඩ් එකේ සංයුතිය වෙනස් විය යුතුයි. අයි සී සී තහනම ඉවත් නොකළොත් එළඹෙන ජනවාරි මාසයේ තිබෙන වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගය අවලංගු වන බවත් එමගින් මෙරටට සංචාරකයින් 800 පමණ දෙනෙක් මෙරටට නොපැමිණෙන බව හෙතෙම පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT