Local

මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම අනිවාර්යයි

Monday, 22 January 2024 - 9:05 pm

නිළධාරීන්ගේ හිතුමනාපයට නොව පොදු මහජන අවශ්‍යතා සලකා සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම අනිවාර්ය බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එමෙන්ම දිස්ත්‍රික්කයේ සියලුම ආසන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සාධාරණයක් ඉටුවන අයුරින් එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සෙනසුරාදා (20) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

දිස්ත්‍රික් සංවර්ධන අරමුදල මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට රුපියල් මිලියන 1,033ක් වෙන්කරල තිබෙනවා. මේ සියලුම මුදල් ජූලි 31 වැනිදා වනවිට අවසන් කරන්න ඕන. මේ වනවිටත් ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා අතරමඟ නතරවෙලා තිබෙන සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම ගැනත් අපි කතා කරගෙන තිබෙනවා.ඊටත් අමතරව විශේෂ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනවා. ඒක අගමැතිතුමා යටතේ නිරීක්ෂණය කරනවා.

පළමුව ග්‍රාමීය කමිටු රැස්වෙලා ව්‍යාපෘති හඳුනා ගන්න ඕන. ඒ කමිටුවලදි ව්‍යාපෘති තුන හතරක් ඉදිරිපත් වේවි. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලදි නිළධාරීන් සමඟ සාකච්ඡා කරල ප්‍රමුඛතාව මත ව්‍යාපෘති හඳුනා ගන්න. ඒ ව්‍යාපෘති අගෝස්තු 31ට කලින් අවසන් කරන්න පුළුවන් ව්‍යාපෘති විය යුතුයි. ඒ හැම ව්‍යාපෘතියක්ම ලිඛිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න.

සාමාන්‍යයෙන් එක ග්‍රාම සේවක වසමකට රුපියල් ලක්ෂ 50ක් ලැබෙනවා. සමහර පළාත් පාලන ආයතනවල තාක්ෂණ නිළධාරීන් නෑ. ඒක නිසා විශ්‍රාම ගිය තාක්ෂණ නිළධාරීන් දෛනික පදනම මත බඳවා ගන්න අවසර දීල තිබෙනවා. මේ වගේ ප්‍රායෝගික ගැටළු ඉස්සරහට දාල වැඩ ප්‍රමාද කරන්න බෑ.

මැයි මාසේ වෙනකොට මේ වැඩ ඉවර වෙන්න ඕන. මේ වැඩේදි ලොකුම බර අඳින්න වෙන්නෙ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලටයි. මේක හරිම නම්‍යශීලී වැඩපිළිවෙළක්. මේ සංවර්ධන කටයුතු විධිමත්ව සිදු කරන්න

ජනාධිපතිතුමා, අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළා. මමත් ඒ කමිටුවේ නියෝජිතයෙක් විදියට වැඩ කරනවා.

දැන් පළාත් සභා, පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒ නිසා සමහර නිළධාරීන් තමන්ගේ හිතුමනාපෙට සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් වෙන්කරගෙන තිබුණා. ඒ හෙට වෙන්න බෑ.පළාත් පාලන ආයතනවල ස්ථීර තැන්පතු තියෙනවා. හදිසි ආපදාවලදී ප්‍රයෝජනයට ගන්න යම් මුදලක් තියාගෙන ඉතුරු මුදල් සියල්ල සංවර්ධනයට යොදවන්න ඕන කියල චක්‍ර ලේඛයක් නිකුත් වෙලා තියෙනවා.

පළාත් පාලන ආයතන කියන්නේ බිස්නස් කරන තැන් නෙවෙයි. ඒ නිසා ඒ ආයතනවල මුදල් ස්ථීර තැන්පතුවල තියාගන්න බෑ. ඒව මහජන මුදල්. ඒ සල්ලි මහජන සුබසාධනය වෙනුවෙන් වෙන් කරන්න ඕන.

ඒ වගේම පළාත් සභා අරමුදලුත් සංවර්ධන කටයුතුවලට යොදාගන්න ඕන. මේ කියන්නේ සංවර්ධන කටයුතුවලදී බස්නාහිර පළාතේ ක්‍රමවේදය මුළු රටේම ක්‍රියාත්මක කරන්න කියලයි. මේ වැඩපිළිවෙළ ගැන ජනාධිපතිතුමාත් පැහැදීමකින් ඉන්නවා. අපිට

නිදහසේ වැඩකරන්න ඉඩදීපු එක ගැන මම ආණ්ඩුකාරතුමාට ස්තූතිවන්ත වෙනවා.එතුමා දිස්ත්‍රික්ක තුනටම පළාත් සභා අරමුදල් සමානව වෙන් කරනවා.

පෙර වසර හා සසැඳීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාපෘතිය යම් පමණකට අඩුවෙලා. අපි මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්න ඕන.

ඒ නිසා රාජ්‍ය ආයතන සතියේ සෑම සිකුරාදා දිනකම එක් වරුවක් ඩෙංගු මර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කළ යුතුයි. මේ දිනවල යුක්තිය මෙහෙයුම යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඉතාම ප්‍රශස්ත මට්ටමක පවතින බව පොලීසිය හා ආරක්ෂක අංශ මෙහිදී අණාවරණය කළා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේ කුමන බලපෑම් පැමිණියත් ඒවාට නතු නොවී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

එමෙන්ම යුක්තිය මෙහෙයුම සඳහා රාජ්‍ය ආයතන උපරිම සහයෝගය දියයුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර,මාර්ෂල් ඔෆ් ද එයාර්පෝස් රොෂාන් ගුණතිලක,රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ,ප්‍රසන්න රණවීර,ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්,පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා හර්ෂනී ගුණවර්ධන,මිලාන් ජයතිලක,ගම්පහ දිස්ත්‍රික් වැඩබලන ලේකම් ජේ.ඩබ්ලිව්.එස් කිත්සිරි,බස්නාහිර පළාත් ලේකම් ධම්මිකා විජේසිරි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 
 
 
 


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT