Local

ගුරු මාරුවීම් සම්බන්ධයෙන් නව වැඩ පිළිවෙලක් හා චක්‍රලේකනයක් සකස් කළ යුතුයි - ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක

Thursday, 23 November 2023 - 2:18 pm

ගුරු මාරුවීම් සම්බන්ධයෙන් නව වැඩ පිළිවෙලක් හා චක්‍රලේකනයක් සකස් කර පළාත් මට්ටමින් යොමු කළ යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


අමාත්‍යවරයා පවසන්නේ ගුරු මණ්ඩලවල වෘත්තිය සමිති සාමාජිකයින් නොවන ගුරුවරුන්ට ගුරු මාරු වීම් වලදී විශාල ආසාධාරණකම් සිදුවන බවයි. ගුරු මාරු මණ්ඩල එකතු වී ගුරු මාරු වීම් ලැයිස්තු හදනවා නම් එය වැරැදි ක්‍රියාවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව (22) දින රැස්විය. එහිදී පක්ෂ විපක්ෂය මන්ත්‍රීවරුන් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකළ වීවාදයේදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කරයි.

එහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) - ගුරු මාරු මණ්ඩලවල ගුරුවරුන්ට විශාල අසාධාරණකමක් වෙනවා. ගුරු මාරු මණ්ඩලවල වෘත්තිය සමිති සම්බන්ධ වෙලා එහි සාමාජිකත්වය දරණ අය වෙනුවෙන් පෙනී සිටිනවා. එහි සාමාජිකත්වය නොදරන අයට එවැනි සාධාරණයක් ඉටු වන්නේ නෑ. ඒ නිසා අපි යෝජනාවක් හැටියට කළේ ගුරු මාරු මණ්ඩල වලට සම්බන්ධ වෙන්න පුළුවන්. තමන්ගේ සාමාජිකයින්ට ආසාධාරණයක් වෙනවා නම් එකතු කරන්න පුළුවන්.

 
හැබැයි ගුරු මාරු මණ්ඩල එකතු වෙලා ගුරු මාරු වීම් සිදුකරන්න ලැයිස්තු හදනවා නම් ඒක වැරැදියි. ඒක ගොඩක් කලාපවල සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒ සම්බන්ධව වැඩ පිළිවෙලක් හදලා, චක්‍රලේකනයක් හදලා පළාත් මට්ටමට යොමු කළොත් හොදයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් (ශ්‍රී.පො.පෙ) - 2017 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේකනය අනුව තමයි ඔය මාරු මණ්ඩලය රැස්වෙන්නේ. ඒවායේ යම් වෙනසක් විය යුතුයි. ඒ අයත් එක්ක සාකච්ඡා කරමින් යනවා. අවශ්‍ය වෙනස් කම් ටික කරන්න.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT