Local

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10ක් දිවි ඇති තෙක් හිරේ…

Wednesday, 23 October 2024 - 7:48 pm

2024.04.01 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා නාවික හමුදා නිලධාරීන් එකාබද්ධව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 111 ග්‍රෑම් 82 ක් ජාවාරම් කිරීම, සන්තකයේ තබාගැනීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඉරාන ජාතිකයින් 10 දෙනෙකු, පකිස්ථාන ජාතිකයින් 02 දෙනෙකු, ඉන්දීය ජාතිකයෙකු, සිංගප්පූරු ජාතිකයෙකු හා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ලෙස සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සැකකරුවන් 17 දෙනා සම්බන්ධයෙන් නීතිපති තුමාගේ උපදෙස් මත මීගමුව ගරු මහාධිකරණයේ චෝදනා 19 යටතේ අධිචෝදනා ගොනු කර තිබූ අතර එම නඩුව 2024.10.23 වන අද දින මීගමුව ගරු මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී එම සැකකරුවන් අතර සිටි ඉරාන ජාතික සැකකරුවන් 10 දෙනා වරද පිලිගැනීමෙන් අනතුරුව ගරු විනිසුරුතුමා විසින් ඔවුනට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර ඇත.

අනෙක් සැකකරුවන් සඳහා මෙම නඩුව 2024.11.04 වන දින නැවත විභාගයට ගැනීමට නියමිතව ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT