Local

ජනතාවට හිඟයකින් තොරව සහල් අවශ්‍යතාව ජනාධිපති සහල් මෝල් හිමියන්ට තේරුම් කර දෙයි..

Monday, 02 December 2024 - 9:50 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් සමඟ සාකච්ඡා කළේය.

සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද අවධානය යොමු විය.

පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමු කළේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා ඇතුළු නිලධාරීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT