Local

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය දිගු වෙයි

Wednesday, 09 October 2024 - 8:03 am

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා.

අදාළ කාලය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබුණා.

ඒ අනුව තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන 2024 ඔක්තෝබර් මස 10 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ.

අදාළ අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් දිනයේ දී එනම්, 2024 ඔක්තෝබර් මස 10 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ඒවා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බව සඳහන්.

අයදුම්පත්‍ර ලැබීමේ දී සිදු විය හැකි ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා 2024 ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑලට භාර දීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවයි මැතිවරණ කොමිසම දැනුම්දෙන්නේ.

එමෙන්ම කිසිඳු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ කිරීමක් සිදු නොකරන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT