Local

මහ කන්නයේ වී වගා කල ගොවීන්ගෙන් 50% කට පොහොර සහනාධාරය මගහැරේ

Wednesday, 03 January 2024 - 1:43 pm

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන අවසන් වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.ඒ සඳහා තවත් මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවත්, එම මුදල් ලැබුණු වහාම ගොවීන්ගේ ගිණුම් වෙත මුදල් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වන විට ගොවීන් 583,372කගේ ගිණුම් වෙත රුපියල් මිලියන 5000 ක මුදලක් නිකුත් කර ඇති බවත්, එම සංඛ්‍යාව මහ කන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් 50% ක් පමණ බවත් වැඩිදුරටත් සඳහන් වෙනවා.

මහ කන්නය වගා කළ ලක්ෂ දහයකට අධික ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 11 ක් පමණ වැය වන බවයි තක්සේරු කර තිබෙන්නේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT