Local

සිවිල් පුද්ගලයින්ට දුන් ගිනිඅවි 50ක් යලි භාරදෙයි

Monday, 21 October 2024 - 9:32 am

සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති ගිනිඅවි සහ පතරොම් තාවකාලිකව රජයට ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව ගිනිඅවි 50කට අධික සංඛ්‍යාවක් යළි ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ආරක්ෂක අමාත්‍යංශය මගින් ජීවිත ආරක්ෂාව සදහා ලබා දී ඇති සියලුම ගිනිඅවි පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීමෙන් පසු නැවත ලබා දීමට යටත්ව තාවකාලික පදනම මත මෙම තීරණය ගනු ලැබීය.

ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතරොම් නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නොවැම්බර් මස 07වනදිනට පෙර භාර දෙන ලෙස සියලු බලපත්‍රලාභීන් වෙත ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණි.

මෙම තත්ත්වය තුළ මේ වන විට ගිනිඅවි 50කට ආසන්න සංඛ්‍යාවක් යළි භාර දී ඇති බව වාර්තා වී තිබේ. 

කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යංශය විසින් මේ වනවිට ගිනිඅවි බලපත්‍ර 1650ක් පමණ විවිධ හේතුන් මත නිකුත් කර ඇති බව සදහන් වේ.

මෙම තත්ත්වය තුළ සියලු ගිනිඅවි සහ පතරොම් අදාළ දිනයට පෙර භාර දෙන ලෙසද ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබේ.

එසේ නොවුනහොත් 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යංශය අදාළ බලපත්‍රලාභීන් හට දැනුම් දී තිබේ.

මෙලෙස ආරක්ෂක අමාත්‍යංශයට ලබා දෙන ගිනිඅවි සමාලෝචනය කිරීමෙන් පසු යළිත් වරක් ලබා දීමට බලාපොරොත්තු වන බවද ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT