Local

ජනාධිපතිවරණය කරකවන්න ලොකු රටකින් නූල් සූත්තරයක්..

Sunday, 15 September 2024 - 9:12 pm

ජනාධිපතිවරණය ළං වෙත්ම එහි ප්‍රතිඵලය වෙනුවෙන් වූ විදෙස් රටවල් තුනක කුමන්ත්‍රණකාරි මැදිහත් වීම් වේගවත් වී ඇතැයි ද ඉන් එක් රටක් අනෙක් රටවල් දෙකටත් වඩා දැඩි පරිශ්‍රමයකින් ක්‍රියා කරමින් ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.

ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව තුළ අරාජික තත්ත්වයක් ඇති කිරීම හරහා තම භූ දේශපාලන තත්ත්වයන් වෙනුවෙන් භාවිතා කිරීමට එක් රටක් උත්සාහ ගන්නා අතර, ඇතැම් බටහිර බලවතුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව පාලනය කිරීමටත්, මාන බලමින් සිටින විදෙස් රටවල් කිහිපයක් මෙසේ දැඩි පරිශ්‍රමයක යෙදෙමින් ඇතැයි විචාරකයෝ මත පළ කරති.

විශේෂයෙන් පසුගිය කාලයේ බංගලාදේශයේ ඇති වූ තත්ත්වය නිසා මෙම විදෙස් බලවතුන් තම උපාය මාර්ගයන් වේගවත් කරන්නට ඇතැයි දේශපාලන විචාරක මතය වී තිබේ.

ඒ අනුව ඉදිරිපත් වී සිටින මේ එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය සහතික කිරීම වෙනුවෙන් එම අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන පළමු කිහිපදෙනෙකු පමණක් සිටින කණ්ඩායම්වලට පවා විදෙස් නියෝජිතයන් පත්කර එළිපිටම වාගේ මේ අතපෙවීම් සිදුවෙමින් ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT