Local

රට වෙනස් කරන්න නම් අලුත් දේවල් නිර්මාණය කරන සමාජයක් අප ගොඩනැගිය යුතුයි - අනුර

Sunday, 02 June 2024 - 11:17 am

රටේ පරිවර්තනයක් සිදු කිරීමට නම් ප්‍රභල කම්පනයක් සමාජය දෙසත් ආර්ථිකය දෙසත් එළිය යුතුව තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එම කම්පනය ඇති කළ යුත්තේ නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ දැක්මක් සහිත නායකයින් හරහා බවයි  (01) ජාතික ජන බලවේගයේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව Groundbreakers 5.0 අමතමින් ඔහු සඳහන් කළේ.

පුරුදු ලෙසම කෘෂිකර්මාන්තය, අනෙකුත් කර්මාන්ත සහ ජීවනරටා පවත්වාගනිමින් සමාජ පරිවර්තනයක් සිදුකළ නොහැකි බවද, සමාජ පරිවර්තනයක් සිදුකිරීමට නම් නව දේ නිර්මාණය කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ සඳහා R&D ක්ෂේත්‍රයට විශාල වගකීමක් ඇති නමුත් එය අද මෙරට තුළ අත්හරින ලද ක්ෂේත්‍රයක් බවද, නව පර්යේෂකයන්, නව සංකල්ප, අලුත් අදහස් සහ අලුත් වෙළඳපළවල් අවශ්‍ය බැවින් ඒ සඳහා ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල නියැලෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සමඟ සාකච්ඡා සභාවක් එළැඹෙන ජුනි 29 වෙනිදා සූදානම් කර ඇති බවද, ඔවුන් සමග එක්ව නව අදියරකට රට පරිවර්තනය කිරීමට කැපවන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම දේශපාලනයට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකට ප්‍රභලව බලපෑමක් කළ හැකි, ඉදිරි අනාගතය දකින සහ ඒ අනාගතයට සැලසුම් හදන, දැක්මක් සහිත, අභියෝග ජයගත හැකි නායකයන් අවශ්‍ය බවද, රටේ පරිවර්තනයට නායකත්වය දීම සඳහා රට නැමති දේහයේ දරා ඉන්නා ඇටසැකිලි පද්ධතිය වන තාක්ෂණවේදීන් හා ඉංජිනේරු වෘත්තිකයන් සැමට එක්වන ලෙස ආරාධනා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

news images news images news images news images news images news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT