Local

LankaGPT හඳුන්වාදෙන ‘සීගිරි AI’ සිංහල හා දමිළ භාෂාවන්ගෙන්

Saturday, 01 June 2024 - 7:58 am

ව්‍යවසායකත්වය පිළිබඳ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින යුගයක LankaGPT විසින් ‘සීගිරි AI’ මෙවලම හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. මෙම මෙවලම ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ ඩුබායි ආදී රටවල් කිහිපයක සිටින සාමාජිකයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකස් කර ඇති අතර එය මෙම වසරේ ජූලි මාසයේදී පරිශීලකයන් වෙත හඳුන්වාදීමට සැලසුම් කර ඇත.

‘සීගිරි AI’ යනු ශ්‍රී ලාංකිකයන් විසින් දේශීය සහ විදේශීය පරිශීලකයන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ප්‍රථම GPT මෙවලම බැවින් එය ඉතා සුවිශේෂී අවස්ථාවක් වේ. මෙහි මුල් පිටපත සිංහල සහ දමිළ භාෂා යන භාෂා ද්විත්වය සඳහාම සහය ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති අතර විවිධ උපභාෂා, ප්‍රාදේශීය භාෂා සහ උච්චාරණ ක්‍රමවේදයන් ද ඊට ඇතුළත් කර තිබේ. මෙය නිර්මාණය කිරීමේදී අධ්‍යයන ආයතන රැසක දායකත්වය සහිතව සංවර්ධනය කරන ලද සිංහල භාෂාව පිළිබඳ දත්ත කට්ටල බිලියන 10ක් සහ දමිළ භාෂාව පිළිබඳ දත්ත කට්ටල බිලියන 10ක් ඇතුළු දත්ත රැසක් උපයෝගි කරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ මෙන්ම මැදපෙරදිග, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් ජීවත් වන රටවල් වෙත ද මෙම මෙවලම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල් ඇතුළුව දමිළ භාෂාව බහුලව භාවිත කරන ප්‍රජාවන්ට ද මෙය වෙත ප්‍රවේශවීමේ අවස්ථාව සැලසීමට ද සැලසුම් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් LankaGPT හි සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ලසිත ගුණසිංහ මහතා මෙසේ සඳහන් කළේය. ‘ආර්ථික සහ සමාජීය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා AI තාක්ෂණය ඔස්සේ ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳව අපි LankaGPT හිදී අවබෝධ කර ගත්තා. එබැවින් නවෝත්පාදනයන් මෙහෙයවීම, ප්‍රජාව සවිබල ගැන්වීම සහ තිරසර සංවර්ධනය පෝෂණය කිරීම සඳහා අපගේ දායකත්වය ලබාදීමේ පරමාර්ථය සහිතව අපි අධ්‍යාපන, කෘෂි කර්මාන්ත සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා මෙම මෙවලම නොමිලේ ලබා දීමට කැපවී සිටිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT