Local

පාසල්වල අවධානම් සහිත ගොඩනැගිලි ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂාකාරිවන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස්

Thursday, 16 November 2023 - 4:25 pm

පාසල්වල අවධානම් සහිත ගොඩනැගිලි ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂාකාරිවන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඊයේ  වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් ලබා දී ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව මේ වන විටත් පස් දෙනෙකුගෙන් යුතු කමිටුවක් පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

ඊයේ (15) දහවල් අදාළ පාසලේ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 06 දෙනෙකු එම බැම්මට යට වී අනතුරට ලක් විය. පාසලේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් අද දින එම පාසලට නිවාඩු ලබා දී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, මෙම ජල කරාම මීට වසර කිහිපයකට පෙර සාදා තිබෙනවා. ඉංජිනේරු වාර්තාවත් අපි ලබාගන්නවා.

කොන්ක්‍රීට් එක බිමට දාපු එකක් නෙවේ. වැස්සත් එක්ක තමයි මෙම තාප්පය පෙරලී තිබෙන්නේ. වැසි සහිත සමයක් නිසා මෙවැනි අවධානම් සහගත ගොඩනැගිලි ඇත්නම් ඒ පිළිබඳව පරීක්ෂාකාරීව පසුවන ලෙස මේ වන විටත් සියළුම පළාත් බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වන විටත් අවධානම් ගොඩනැගිලි සහිත පාසල් 74ක් හඳුනාගෙන තිබෙනවා. තංගල්ල බාලිකා විද්‍යාලය, තර්ස්ටන් විදුහලේ මෙවැනි ගොඩනැගිලි තිබෙනවා. මෙම වසරේ මෙවැනි පාසල් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමුඛතාවයලබා දී තිබෙනවා. එතෙක් දරුවන් එවැනි අවධානම් වලින් මුදවා ගැනීම සඳහා සුපරික්ෂාකාරිව පසු වන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා යැයි පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT