Local

TNA තීන්දුව ගනී.. සහාය බලය බෙදන අපේක්‍ෂකට..

Monday, 12 August 2024 - 9:23 pm

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වූ බලය බෙදීමේ කාර්ය වෙනුවෙන් සිය ප්‍රතිපත්ති පිළිගන්නා ජනාධිපති අපෙක්ෂකයාට සිය පක්ෂයේ සහය ලබාදීමට සලකා බැලිය හැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා සිටියේය.
මන්ත්‍රීවරය මේ බවසා සිටයේ වවුනියාව ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවස සිටියේ,

‘අපි අද පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් රැස්වුනා. එහිදී අපි ප්‍රධාන කාරනා දෙකක් සකච්ඡා කරා එකක් තමයි අපේ පක්ෂයට එරෙහිව ත්‍රීකුණාමලය දිස අධිකරණයේ පැවත්වෙන නඩුව සම්බන්ධයෙන්

අනිත් කාරණව තමයි මෙවර ජනාධිපතිවරණයේදී අපි කාටද සහය දක්වන්නේ කියන කාරණව ගැන. මේ වෙනකොට දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකින් අරියනේද්‍රන් මහතා පොදු අපෙක්ෂකය වශයෙන් ඉදිරිපත් කරලා තියෙනව. අපි ඒ ගැනත් සකච්ඡා කලා.

නමුත් දෙමළ ජනතාවගේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය වන අපේ පක්ෂය විසින් එකතුවෙලා තියෙන උතුරු නැගෙනහිර පලාතේ බලය බෙදාහරින්න ඔින කියන එක තමයි අපි නිතරම කියලා තියෙන්නේ. මේක අපි අද හැම ජනාධිපති අපෙක්ෂකයෙකුටද දැනුම් දෙනවා.ඊට පස්සේ අපි ඒ අයගේ පිළිතුරු මොනාද කියල බලන් ඉන්නවා. ඒ වගගේම අපි දැන් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකියන් තුන් දෙනත් සමග සාකච්ඡා කරලා තියෙන්නේ. අපි ඒ අයට මේ ගැන කියලා තියනවා.

ඉතිං අපි අපේ ස්ථාවරය කියලා තියෙන්නේ. අපේ ස්ථාවරයට කව්රු හරි ඒකඟ වෙනවනම් ඒ කෙනාට අපි සහය දෙන ක්‍රියාවලියට සලකා බලන්න සූදානම්.

ඒ වගේම පොදු අපෙක්ෂකය වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න අරියනේන්ද්‍රන් මහතා අපට නොකියා ඉදිරිපත් වීම ගැන ඒතුමන්ගෙනුත් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා ඒ සඳහා අපි සතියක කාලයක් එතුමට ලබාදෙනවා’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංක


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT