Local

වී අලෙවි මණ්ඩලය මුදල් අමාත්‍යංශයට ගනියි ද?

Wednesday, 14 August 2024 - 4:41 pm

මෙවර යල කන්නයේ දී වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහාම තම විෂයපථයෙන් ඉවත් කර මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලිපියක් මගින් දන්වා ඇත.

වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මුදල් අමාත්‍යාංශය විසින් දිගින් දීගටම සිදු කරනු ලැබූ බවත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් තවදුරටත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නම් වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තබා ගැනීම ඵලක් නැති බවත් අමාත්‍යවරයා මෙම ලිපියේ සදහන් කර තිබේ.

මෙවර යල කන්නයේ ඉහළ වී අස්වැන්නක් දිවයින පුරා වාර්තා වී තිබේ. නමුත් වී සඳහා සාධාරණ මිලක් ‌නොලැබීම නිසා ගොවි ජනතාව මහත් අසරණභාවයට පත්ව සිටිති. මෙවර යල කන්නයේ කීරි සම්බා අස්වැන්න ද ඉතාමත් ඉහළ මට්ටමක පවතී. නමුත් ගොවි ජනතාවට කීරි සම්බා වී සඳහා සාධාරණ මිලක් ලැබෙන්නේ ද නැත.

වී සඳහා ගොවියාට සාධාරණ මිලක් ලැබීමට නම් රජය වශයෙන් වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම සිදු කළ යුතුය. නමුත් පසුගිය කන්න කීපය පුරාම වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරිහු හිතාමතාම වී අලෙවි මණ්ඩලය අක්‍රිය කිරීම සඳහා කටයුතු කරමින් මුදල් දීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. නමුත් පසුගිය කන්න දෙක තුළ වී අලෙවි මණ්ඩලය තමන් සතු මුදල්වලින් හා ගොවි බාරකාර අරමුදලේ මුදල් ණයට ලබා ගනිමින් වී මිල දී ගත් අතර ලාබ ඉපැයීමට ද සමත්විය.

එබැවින් වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දීම දිගින් දීගටම ප්‍රතික්ෂේප කිරීම මුදල් අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබීය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් තවදුරටත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නම් වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තබා ගැනීම ඵලක් නැත. මේ නිසා වී අලෙවි මණ්ඩලය වහාම තම විෂය පථයෙන් ඉවත් කර එය මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට යැවු එම ලිපියේ වැඩිදුරටත් සදහන්වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT