Local

කොළඹ වරායේ හදිසියේම ගිනිගත් නැව ගැන විශේෂ පරීක්ෂණයක් -වරාය, නාවික හා ගුවන්සේවා ඇමැතිගෙන් උපදෙස්

Tuesday, 13 August 2024 - 8:35 am

කොළඹ වරායේ JCT IV ජැටියේ නැංගුරම් ලා තිබිය දී හදිසියේ ගිනිගත් MSC CAPTOWN III නෞකාව ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව මේ පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට වරාය අධිකාරියේ විමර්ශන අංශයට සහ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයට භාර දී තිබෙන අතර මේ සිද්ධිය සොයා බැලීමට ඇමැතිවරයා ඊයේ (12) පෙරවරුවේ වරායේ JCT IV ජැටියට පැමිණියේය.

ගින්න නිවීමට සහභාගි වූ වරාය ගිනි නිවන අංශයේ භටයන්ට සිය ස්තූතිය ද පළකළ ඇමැතිවරයා මෙහිදී කරුණු දක්වමින් මෙසේ පැවසීය.

Òමා ස්තුතිවන්ත වෙනවා මේ ගින්න මැඬපැවැත්වීමට කටයුතු කළ වරායේ පාලන අධිකාරියටත්, වරාය ගිනි නිවන අංශයේ නිලධාරීන්ට හා භටයන්ටත්. මේ ක්‍රියාවෙන් වරායේ ගුණාත්මක භාවය මුළු ලෝකයටම ප්‍රදර්ශනය කර තිබෙනවා. එමෙන්ම ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීමට හැකි වෘත්තීයමය වරායක් බවට පත්ව තිබෙනවා. මේ ගින්නට හේතුව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන අතර මේ නැව් සමාගම රක්ෂණය කර ඇති ලෝකයේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් අද කොළඹට පැමිණ මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ පරීක්ෂණවලින් පසු මෙයට හේතු වූ කරුණු ගැන අපට සොයා ගැනීමට හැකි වෙනවා. ඒ අනුව ඉදිරියේදී වරායේ ආරක්ෂාව පිළිබඳව කරුණු පාදක කර ගනිමින් අවශ්‍ය පියවර ගන්නවාÓ යැයි පැවසීය.

නැව ගිනි ගැනීම හේතුවෙන් වරායේ JCT ජැටියට හෝ භාණ්ඩවලට හෝ යන්ත්‍රවලට කිසිම හානියක් සිදුව නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගේවත්ත මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT