Local

කොට්ඨාශයකට වග කියන මන්ත්‍රීවරයෙක් බිහිකරන මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි- අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Thursday, 23 November 2023 - 1:07 pm

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු බවත් මනාප ක්‍රමයෙන් බැහැර වී කොට්ඨාශයකට වග කියන මන්ත්‍රීවරයෙක් බිහිකරන මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බව , වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 

2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ පළමු දිනය වන අද දින විවාදයට එක්වෙමින් නිමල් සිරිපාල අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම මැතිවරණ ක්‍රමය නිසා ඇති වී තිබෙන සමාජ බලපෑම් ගැන වරින් වර කතිකාවත් රාශියක් ඇති වී තිබෙන බවයි.

අප සියළු දෙනා එක්ව ජනතා අභිලාශය ඉටු කරන ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු වෙනවා.තමන් ජීවත් වන ප්‍රෙද්ශයට වග කියන මන්ත්‍රීවරයෙක් පත් කරන මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි කියලා කියනවා. සමානුපාතික ඡන්ද ක්‍රමයක් තමයි අපට ලබා දී තිබෙන්නේ. මෙම මැතිවරණය ක්‍රමය ලංකාවට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් නොවේ.එම නිසා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. මිශ්‍ර මැතිවරණයක් ඇති කිරීම සඳහා මීට වසර ගණනාවකට පෙර පැවති තේරී කාරක සභාවෙනතුත් පැහැදිළි මගපෙන්වීමක් හදලා තිබෙනවා.

ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා කියලා ජනාධිපතිවරය ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මැතිවරණයක් පමණක් නොවෙයි. පළාත් සභා සහ ප්‍රාෙද්ශීය සභා සඳහාද සුදුසු මැතිවරණ ක්‍රමයක් සැකසීම යුගයේ අවශ්‍යතාවයක්.

පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්ද ජනතාව තුළ තිබෙන්නේ බොහෝ කලකිරිමක් ඇති වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනතා නියෝජිතයින් වශයෙන් තමන්ගේ ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළදී සාකච්ඡා නොකරන බවක් දැකිය හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා සැම දෙනාම එකම කරුණ දස පාරක් හෝ කියමින් මාධ්‍ය තුළ වීරයින් වීමට උත්සාහ දරනවා මිස පාර්ලිමේතුවේ ගුණාත්මක භාවය ජනතාවට පෙන්වීමට උත්සාහ දරන බවක් නොපෙනෙන බවද කීය.

 

පාර්ලිමේන්තුවේ කතා කළ යුතු ක්‍රමවේද සම්ප්‍රදායක් තිබෙනවා. එම නිසා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පළමු පැය මාධ්‍ය සන්දර්ශන පවත්වන අයටත් අනතුරුව නීති සම්පාදනය සහ රටේ පරිපාල න කටයුතු සම්බන්ධයෙන් වෙන් කර ගත යුතුයි . එසේ නොමැති වුවහොත් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින විශ්වාසය බිඳි යන්න පුළුවන්.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT