Local

හය හතර නොදත් බාල වයස් දැරියන් 167ක් මව්වරුන් වූයේ කාගේ වරදින්දැයි ඇමැති ගීතා කුමාරසිංහ අසයි

Wednesday, 31 January 2024 - 6:40 pm

මැතක සිට අපේ රටේ කාන්තාවන්ට එරෙහිව දූෂණ සහ ඝාතන රැල්ලක් ඇති වෙමින් පවතිනවා. මෙය ඉතා භයානක තත්වයක්. මේ හේතුව නිසා කාන්තාවන් සහ දරුවන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. පසුගිය වර්ෂයේ දී අවුරුදු 18ට අඩු ළමා අපරාධ 1502 ක් වාර්තා වී තිබෙනවා. එසේම කැමැත්ත ඇතිව  ස්ත්‍රී දූෂණ සිදු වීම්  1163 ක් වාර්තා වී තිබෙනවා. එසේම කැමැත්ත නොමැතිව බලහත්කාරකම් ලෙස සිදු වූ ස්ත්‍රී දූෂණ ගණන 339 ක් වී තිබෙනවා. එහි භයානකම තත්වය අවුරුදු 18 ට අඩු ළමා ගැබ් ගැනීම් 167 ක් වාර්තා වී තිබීම යැයි රාජ්‍ය අමාත්‍යවරිය පැවසී ය.

රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ ද කීය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව, උතුරු පළාතෙන් 119 ක් වශයෙන් ද  උතුරු මැද පළාතෙන් 236 ක් වශයෙන් ද  වයඹ පළාතෙන් 235 ක් වශයෙන් ද බස්නාහිර පළාතෙන් 230 ක් වශයෙන් ද නැගෙනහිර පළාතෙන් 129 ක් වශයෙන් ද ඌව පළාතෙන් 114 ක් වශයෙන් ද දකුණු පළාතෙන් 216 ක් වශයෙන් ද මධ්‍යම පළාතෙන් 134 ක් සහ සබරගමුව පළාතෙන්  136 ක් වශයෙන් ද වාර්තා වී තිබෙන ළමුන්ට හෝ කාන්තාවන්ට සිදු වූ අපරාධමය තත්වයන් ප්‍රමාණය 1502 ක් ලෙස සමස්ත රටෙන්ම සටහන් වී තිබෙනවා. මා මෙහිදි විමසන්නට කැමති ශ්‍රී ලංකාවේ අම්මලා තාත්තලාගෙන් මෙය රටට හොඳ තත්වයක් ද කියා. අවුරුදු 18 ට වඩා අඩු ළමා ගැබ් ගැනීම් පළාත් වශයෙන් වයඹින් 25 ක් ද,  දකුණින් 25 ක් ද, නැගෙනහිරින් 25 ක් ද, බස්නාහිරින් 22 ක් ද, සහ අනෙකුත් පළාත් වලිනුත් මෙවැනි ළමා ගැබ් ගැනීම් සිදු වී තිබෙනවා.

යුක්තියේ මෙහෙයුම නිසා ළමුන්ට සහ කාන්තාවන්ට සිදුවන මෙම අපරාධ රැල්ලේ යම් අඩු වීමක් පෙනෙන්නට තිබෙනවා. පාසල තුලට මත්ද්‍රව්‍ය පැමිණීම අති භයානකයි. පොලිසියෙන් පාසල් වලට ඇවිල්ලා දරුවන්ව පරික්ෂා කරන එකත් අනුමත කරන්න බැහැ. තමන්ගේ පියා මත්ද්‍රව්‍ය වලට හුරු වීම නිසා එහි විපාක විඳින්නට සිදු වෙන්නේ දරුවාට. මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරන්නට, මත්ද්‍රව්‍ය වලින් අපේ රටේ ජනතාව මුදවා ගන්නට මේ වන විට කරගෙන යනු ලබන යුක්තියේ මෙහෙයුම ඉතාමත් අනගි ක්‍රියාවක් යැයි මා සිතනවා. මේ නිසා අපේ රටේ කාන්තාවට සහ දරුවන්ට සිදු වන අපරාධ රැල්ල නතර වෙයි කියා මා සිතනවා යැයි රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදි අවසාන වශයෙන් පැවසී ය.

 
 
 
 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT