Local

මිය­න්මා­රයේ සිර කර සිටින පිරිස බේරා­ගන්න සාකච්ඡා කරද්දී තවත් ශ්‍රී ලාංකි­ක­යකු සයි­බර් අප­රාධ කලා­ප­යට රැගෙන ගිහින්

Saturday, 24 February 2024 - 10:07 am

මිය­න්මා­රයේ සයි­බර් ක්‍රිමි­නල් ඒරියා නමින් හඳු­න්වන ප්‍රදේ­ශයේ කඳ­වු­රු­වල බල­හ­ත්කා­ර­යෙන් රඳවා සිටින ශ්‍රී ලාංකි­ක­යන් බේරා­ගැ­නීම සඳහා සාකච්ඡා පව­ත්වන පසු­බි­මක තවත් ශ්‍රී ලාංකි­ක­යකු එම ප්‍රදේ­ශ­යට රැගෙන ගොස් ඇති බවට තොර­තුරු වාර්තා වෙයි.

පරි­ග­ණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකි­ක­යන් 56 දෙනකු එම ප්‍රදේ­ශයේ කඳ­වුරු කිහි­ප­යක බල­හ­ත්කා­ර­යෙන් රඳ­වා­ගෙන සිටින බවට වාර්තා වන අතර, එවැනි තත්ත්ව­යක් පව­තින අව­ස්ථා­වක තවත් ශ්‍රී ලාංකි­ක­යකු එම ස්ථාන­යට ගොස් තිබෙන බවද කොටු වී සිටින පිරිස බේරා­ගැ­නීම සඳහා මිය­න්මාර රජය සහ බිම්ස්ටෙක් රට­වල් සමඟ සාකච්ඡා කරන බවද විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

පසු­ගි­යදා මෙර­ටට පැමිණි තායි­ලන්ත අග­මැති ශ්‍රෙත්ථා තවු­සින් මහතා හමු වූ අව­ස්ථාවේ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඔහු­ගෙන් ඉල්ලා සිටියේ මේ මිනිස් ජාවා­රම හේතු­වෙන් පීඩා­වට පත්ව සිටින ශ්‍රී ලාංකික තරුණ තරු­ණි­යන් යළි මෙර­ටට ගෙන්වා­ගැ­නී­මට මැදි­හත් වන ලෙසයි. මෙලෙස මිය­න්මා­රයේ කොටු වී සිටින පිරි­සගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් පිරි­සක් පසු­ගිය 12 දා මේ ගැට­ලුව සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරී­මට විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශ­යේදී ඇමැති අලි සබ්රි මහ­තාද මුණ­ගැසී තිබේ.

එවන් පසු­බි­මක ඩුබා­යිහි සිටින අත­ර­මැ­දි­යකු මාර්ග­යෙන් අදාළ ශ්‍රී ලාංකි­කයා මෙරට සිට ගුවන් මඟින් ගොස් තිබෙන අතර, තායි­ලන්ත මිය­න්මාර දේශ­සී­මාව හරහා සහ ඩුබායි සිට ගුවන් මඟින් මිය­න්මා­ර­යට පැමිණ මියා­වඩි නැමති අදාළ කඳ­වුර පිහිටා තිබූ ප්‍රදේ­ශ­යට රැගෙන ගොස් ඇත.

මේ අතර බල­හ­ත්කා­ර­යෙන් මිය­න්මා­රයේ රඳ­වා­ගෙන සිටින ශ්‍රී ලාංකි­ක­යන් බේරා­ගැ­නීම සඳහා සියලු උත්සා­හ­යන් ගන්නා බවත්, ඔවුන් කෙසේ හෝ ශ්‍රී ලංකා­වට රැගෙන ඒම අර­මුණ වී තිබෙන බවත් විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි. තොර­තුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නීත්‍ය­නු­කූල රැකියා දෙන මුවා­වෙන් මිය­න්මා­රයේ මයි­වඩි ප්‍රදේ­ශයේ ස්ථාන කිහි­ප­ය­කදී මේ ශ්‍රී ලාංකි­ක­යන් වංචා­වන්ට හසුව තිබෙන අතර, විදේශ ඇමැති අලි සබ්රි මේ සම්බ­න්ධ­යෙන් එරට නියෝජ්‍ය අග­මැති හා විදේශ ඇමැ­ති­ව­රයා දැනු­වත් කර ඇතැ­යිද විදේශ අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT