ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නේ රට තුළ අස්ථාවර රජයක් නිර්මාණය කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා.
ආණ්ඩුවේ බලය හා මුදල් භාවිතා කර මන්ත්‍රීවරු 30 ක් 40 ක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට මෙලෙස මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවයි (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරක්ෂා කර ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීමට ජනතාව සූදානම් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.