පාසල් තුළ ළමා හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරමින් ළමා ආරක්ෂාව සහතික කිරීමේ අරමුණ ඇතිව පාසල් පද්ධතිය සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ ආචාරධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ. මේ සම්බන්ධව අදහස් දැක්වූ එම අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්යක්ෂ නීතිවේදී ශානිකා මලල්ගොඩ මහත්මිය ‘දිනමිණ’ ට ඊයේ (02) පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ද ඒකාබද්ධව මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන යටතේ මෙම ආචාර ධර්ම පද්ධතිය හඳුන්වාදීමට කටයුතු කරන බවයි.
මේ සම්බන්ධව අදහස් හා යෝජනා ලබා ගැනීමට මෙම ශිෂ්‍ය තානාපති වැඩසටහන සමඟ සම්බන්ධ පාසල් නියෝජනය කරන විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, ශිෂ්‍ය නායක මණ්ඩල භාර ගුරුභවතුන්, ශිෂ්‍ය තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්, ශිෂ්‍ය තානාපති නිලධාරී සම්පත් සංචිතයේ සාමාජිකයින් වැනි පිරිස් සමඟ මේ වන විට විශේෂ සාකච්ඡා රැසක් සංවිධාන කෙරෙන බවද ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්යක්ෂ නීතිවේදී ශානිකා මලල්ගොඩ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.