Local

රාජසන්තක කළ අයි ෆෝන් සහ ලැප්ටොප්

Sunday, 11 August 2024 - 10:43 am

තීරු බදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කිරීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන තිබේ.

ඊයේ (10) අලුයම 12.30ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු විසින් මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් මෙරටට රැගෙනවිත් තිබුණි.

මෙලෙස රැගෙනවිත් ඇත්තේ 'අයි ෆෝන්' 36ක් සහ ලැප්ටොප් පරිගණක 06කි.

ඔවුන් සිය ගමන් මලු තුළ සඟවා මෙම ජංගම දුරකථන සහ පරිගණක පිටතට ගෙන යමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු බව සඳහන් ය.

අත්අඩංගුවට පත් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණු අතර, එහිදී රේගු පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක රාජසන්ත කිරීමට පියවර ගෙන තිබේ.

තවද සැකකරුවන් තිදෙනාට රුපියල් ලක්ෂ 16ක දඩ මුදලක් ගෙවීමටත් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT