Local

රු. කෝටි 319ක මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 245ක් ගැඹුරු මුහු­දේදී නාවික අත්අ­ඩං­ගු­වට

Saturday, 06 January 2024 - 2:29 pm

රුපියල් කෝටි 319ක (මිලියන 3,190) වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 245කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 6 දෙනකු හික්කඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. පකිස්තානයේ සිට පැමිණි කුඩා නෞකාවකින් මේ මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන එමින් සිට ඇති අතර, මේ තොගය ඩුබායිහි රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකුගේ මෙහෙයවීම මත මෙරටට එවා ඇති බව මූලික විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28ක් පමණ (කි.මී. 50ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බහුදින යාත්‍රාවත්, එහි සිටි සැකකරුවන් 6 දෙනාත් මත්ද්‍රව්‍ය තොගයත් ඊයේ (5) ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට නාවික හමුදාව විසින් රැගෙන ආවේය.

අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ඊයේ (5) උදෑසන ගාල්ල වරායේදී නිරීක්‍ෂණයට ලක් කෙරිණි.

ඊයේ (5) උදෑසන ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව එම සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවේ කළ පරීක්‍ෂාවේදී, එ් යාත්‍රාවේ සූක්ෂ්ම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර 8ක් තුළ පාර්සල් 130ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 189යි ග්‍රෑ. 388ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සහ පාර්සල් 48ක අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 55යි ග්‍රෑ. 648ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් 6 දෙනා මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි. මෙසේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදාව විසින් කොටු කරගෙන ඇත්තේ පසුගිය 21 දා ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා යැයි සඳහන් කරමින් මුහුදු ගිය කවිඳු පුතා 1 නමැති බහුදින යාත්‍රාවය.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT