ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එමෙන්ම ඡායාරූප ගැනීම සහ වීඩියෝගත කිරීම ද තහනම් වන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිදු නොකළ යුතු කාර්යයන් සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසම විසින් ජනතාව දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, දුම්පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය තහනම් වන අතර ඒවා භාවිත කර පැමිණීම ද තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.